February 24, 2010


2010 වර්ෂය ශ්‍රී ලංකා රජය "ආයූර්වේද වර්ෂය" ලෙසයි නම් කරලා තියෙන්නේ.(හැබැයි මැතිවරණ වර්ෂයක් වීම නිසා ඒක අමතක වෙලා යාවිද දන්නේ නෑ.) ඒ අතරම එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම වර්ෂය නම් කරලා තියෙන්නේ "ජෛව විවිධත්ව වර්ෂය" ලෙසයි.දෙගොල්ලෝ දෙවිධියකට නම් කලත් මේ දෙකේම ලොකු සහ සම්බන්ධ‍යකුත් තියෙනව.

හේතුව තමයි ආයුර්වේදයේ සහ දේශීය වෙදකමේ ප්‍රධානම භාවිතය ශාක හා ශාකමය ද්‍රව්‍ය වීම. ඒ වගේම ශ්‍රී ලංකාවෙ ජෛව විවිධත්වය අතින් සුවිශේෂී රටක්.ඉතිං මේ වගේ වෙලාවක වෙදකමේ යෙදෙන අපිට වගේම ජීවිතේ එකම එක දවසක හරි ඉගුරැ-කොත්තමල්ලි ටිකක් හරි තම්බල බීපු ඔබටත් මේ ගස්වැල් ගැන පුංචි මතක් කිරීමක් කළොත් වැදගත් වේවි.

ඔබ නිකමට හරි කල්පනා කරල බැලුවද, අපි අවට ලෝකයේ කොපමණ ශාක වර්ග ප්‍රමාණයක් ඇතිද කියල. ඇත්තටම නෑ නේද? එහෙනම් අපි එතැනින්ම පටන් ගමු. ගණනය කර ඇති ආකාරය අනුව දැනට ලෝකයේ ශාක විශේෂ 250,000ක් 275,000ක් අතර ප්‍රමාණයක් පවතී. එහෙත් එයින් ආයුර්වේද ඖෂධ සදහා භාවිතා කරන්නේ ශාක විශේෂ 70,000කට අඩු ප්‍රමාණයක්.
ක්‍රිස්තු පූර්ව යුගයේ ග්‍රන්ථගත තොරතුරැ වලින් නාමිකව ශාක වර්ග 126ක් සදහන් වෙනවා. ඊළගට ආයූර්වේදයේ වැදගත්ම ලියැවිල්ලක් වන "වේද ග්‍රන්ථ" ලියැවෙන යුගයට එද්දී ශාක නාම 261ක් පිළිබද සටහන් වෙනව. ඉන්පසු කාලීනව ලියැවෙන සංහිතා ග්‍රන්ථ යුගයේදී ශාක පිළිබද පර්යේෂණ වඩාත් පුලුල් වෙනව. අයුර්වේදයේ පූජනීයම ග්‍රන්ථ විදියට අබිසෙස් ලබන "චරක සංහිතාව", "සුශ්‍රැත සංහිතාව" ඖෂධ සදහා භාවිතයට ගන්නා ශාක වර්ග ප්‍රමාණය ගැන අදහස් දක්වල තියෙන්නේ දෙවිදියකට. සුශ්‍රැතය ශාක වර්ග 579ක් ගැන කියද්දි චරකය එම ප්‍රමාණය 900ක් ලෙස පුලුල් කර දක්වනවා. තවත් ඉතා වැදගත් ග්‍රන්ථයක් වන "අෂ්ඨාංග හෘදය සංහිතාවේ" ශාක නාම 902ක් ගැන සදහන් වෙනවා. ආයුර්වේද ඖෂධ වර්ග ගැන අදාල වෙන ශාක නාම , ස්වභාවයන් හා සවිස්තර තොරතුරැ ලියැවී තියෙන නිගණ්ඩු වල ශාක විශේෂ 1,000ක පමණ නම් සදහන් වෙනවා. ජීව නාමකරණය පිළිබද විද්‍යාත්මක ක්‍රමවේදයක් බටහිර ලෝකය හදුන්වා දෙන්නට වසර දහස් ගණනකට පෙර මෙපමණ ශාක ප්‍රමාණයක් ගැන සවිස්තරාත්මක තොරතුරැ රැස්කිරීමම මහා කර්තව්‍යයක්.

මේ සියල්ල අතරේ මෙරට වෛද්‍යවරැ අතීතයේදිම භාවිතා කල ශාක වර්ග ප්‍රමාණය 1,430ක් බවට සදහන් වෙනවා.එයින් ශාක වර්ග 206ක් බහුලවම භාවිතාවන බවත් තවත් 600ක් සාමාන්‍ය භාවිතයේ යෙදෙන බවත් වැඩි දුරටත් දක්වා තිබෙනවා.

ඉතින් මේ දක්වා ඇති ඖෂධ ශාක ප්‍රමාණ අතුරෙන් කීයක් ඔබට නිවරදිව හදුනා ගත හැකිද? අඩුම තරමින් 100ක්වත් හදුනාගන්නට වර්තමාන පරම්පරාවේ ඔබට පුලුවන්නනම් ඒක ලොකු දෙයක්. එහෙම නොවෙයි නම් ගෙවත්තෙදි, වැඩබිමේදී සිදුවන එළිපෙහෙලි කිරීමකදී පවා විසිකැත්තට කැපි යන, උදැල්ලෙන් ඉදිරී යන කුඩා පදුරැ අතරේ හෙට දවසේ අපේ ආයුර්වේදයේ පැවැත්මට වැදගත් වන ඖෂධශාක ගණනාවක් අපෙන් ගිලිහී යන්න පුලුවන්. ඔබ සමහර විට නොසිතුවා වුණාට මෙරට තුළ අද දවසේ වාර්තා වන්නේ එකම එක "සදරාජ" පැළෑටියක් පමණයි. "කෝන්තාල" නම් ශාකයද වාර්තා වී ඇත්තේ එකම ස්ථානයක දී පමණයි. එම නිසා ඔබේ අවබෝධය වගේම අවධානයත්, අධිෂ්ඨානයත් අපේ මතු පරපුර වෙනුවෙන් කෙරෙන මහත්ඵල මහානිශංස පින්කමක් වෙනවාම තමයි. එය මේ රටේ අනන්‍යතාවය හා බැදුණු ආයූර්වේදයේ පැවැත්මට කෙරෙන හොද සේවයක්.

ඔබටත් ඖෂධ හාක පිළිබද වැඩිදුර අධ්‍යයනයක් අවශ්‍ය නම් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අනුබද්ධ හල්දුම්මුල්ලේ හෝ පට්ටිපොල ඔසු උයන් වලදී ඒ සදහා අවකාශ සපයා ගත හැකියි. මෙම ලිපියේ අන්තර්ගත තොරතුරැ සදහා මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හිටපු ආයුර්වේද කොමසාරිස් එච්.එම්. සේනාධීර මහතාගේ දේශණයක මූලාශ්‍ර යොදාගැනිනි.

5 comments:

  1. අපේ කම අපේ දේ පිළිබදව සයිබර් ලෝකයට කියාදිම පිළිබදව මගේ ස්තූතිය තවත් ලියන්න!

    ReplyDelete
  2. ප්‍රතිචාරයට ස්තූතියි! සතියකට වරක් අලුත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  3. ලංකාවේ මිනිස්සු ගොඩක් දෙනෙක්ට තියෙන දෙයක් තමයි තමුන්ගෙ දේවල් ගැන හීනමානය. එවන් මිනිසුන් සිටින රටක මෙවන් සද්කාර්යයක් කිරීමට ඉදිරිපත් වීම පිළිබඳව ඔබට මගේ ප්‍රණාමය වෙදහාමිනේ.

    ReplyDelete
  4. ශාක ගැන කොහොමත් මිනිස්ස්සුන්ගෙ කැමැත්ත අඩුයි,
    ඒ නිසා බ්ලොග් කරුවන්ට පුළුවන් ඒ ගැන මහන්සි වෙන්න දැනුවත් කරන්න මිනිස්සු.
    මම මහ වෙදනට යෝජනාවක් කරා ඔය ශාක ගැන,
    එතුමා කාර්යය බහුලයි,
    පුළුවන් නම් ඔබතුමිය ශාක වල වැදගත් කම තියන බ්ලොග් එකක් කරන්න,
    විශේෂයෙන්ම මිනිස්සුන්ට එදිනදා ලෙඩ වලට යොදා ගන්න පුළුවන් ඒවාගේ,

    ReplyDelete
  5. සඳරාජ පැලෑටිය හඳුනා ගන්නා අයුරු පැහැදිලි කරන්න හකිද ? ස්තූතියි..!!

    ReplyDelete

Powered by Blogger.

Advertisement

Advertisement

Advertisement

ජනප්‍රියම ලිපි

ඇවිත් ගිය ගණන

වටින් පිටින් පැමිණෙන හැටි

free counters

සහපිරිවර